Seehayo

පාට මවා හොරැහින් ඉගි මවනා..
කාලයට යන තාලයක ඉඳු රහසක..
හීනයට දුන් මාලිගා උගසට කර..

යාය පීදෙන රාවයට නිතරම..
මාවතක් නැති ලෝකයක සිරගත..
බිඳහෙලා.. රවටලා දන මන සා..ගින්නක..
නිදහසේ.. ඉගිලිලා නුඹ.. අහසට..

සොබා සිහිනය නිගා කර තුරු සිඳින්
අසංතුත වනලියන් තුරුලට අරන්
සිඟාලයන් සේ සිඟා යදිනා නුදු දනන්
උරුමයක කරුමයක් වූ සීහයන්…

“සීහයෝ” විචාරාවකාශය

වසර ද‍ෙදහස් පන්සියයකට එහා යමින් අපූර්ව වූත්, සොබාමත් වූත් අතීත ආවර්ජනාත්මක වෘත්තාන්තයක් හිමි භූමියකි ශ්‍රී ලංකාව. විජයාක්‍රමණයට ප‍ෙර සිටම පැවතියාවූ අප්‍රමාණික ගුණාත්මකභාවය‍ෙන් හ‍ෙබි ආර්ථික, සමාජයීය, සංස්කෘතිකමය ප්‍රභවය මනරම්ය. “සිවු හ‍ෙළ දීප“ යන විරුදාවලි ලත් ම‍ෙම භූමිය, යක්ඛ, නාග, දේව, රාක්ෂස නම් වූ සිවු විකුම් පෑ දනන්ගේ වාසභූමි විය. හ‍ෙත‍ෙම ආක්‍රමණික වැසියන්ට මරු පහරක් බඳු වූ තේජස විදහා පෑ විරුවන් දායාද කළ භූමියකි. පසු කාලීනව ක්‍රමානුකූලව සිදු වූ පරද‍ෙස් ආක්‍රමණයන් හේතුකොටග‍ෙන සමාජයීය සාධක, අගමික හා සංස්කෘතිකමය ආදී සාධක පවා ගතානුගතික ක්‍රමවේදය‍ෙන් බැහැර ව‍ෙමින් විදේශික පරිත්‍යාගයන් ය‍ෙහ‍ෙන් වැළඳ ගන්නට විය. ස්වභාවික පරිණාමීය ක්‍රියාවලිය‍ෙන් බැහැර යමින් අන්‍යයන්ගේ වුවමනාප්‍රකාර වූ සංවර්ධනාත්මක දෘශ්ටියක් ව‍ෙත යොමු වීම සිදුවිය. කල් යත්ම හුදු පරද‍ෙස් දායාද හ‍ෙළ දීපයේ අනන්‍යතා සාධක බවට පත් කරගන්නා ලදී. ස්වභාවය‍ෙන්ම සම්පත් බහුල භූ ස්කන්ධයක් වන හ‍ෙළදිව ද‍ෙස උකුසු ඇස් යොමා සිටි බටහිර ආක්‍රමණිකයා වසර දහස් ගණනකට ප‍ෙර සිදු වූ ල‍ෙසින්ම ආක්‍රමණය දියත් කරන්නට විය. ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයන් මවා පාමින් හ‍ෙළ බිම‍ෙන් ඉවත් වූ බටහිර ජාතීන් පැරණි රාජධානි පාලනය‍ෙන් පසු නාමික නිදහසක් ලබා ද‍ෙන ලදී. 1948 දී ඔවුන් ම‍ෙම භූමියට සෘජුව මැදිහත් වීම‍ෙන් ඉවත් විය.

වර්තමානය නමින් නිදහසින් හැත්තෑ එක් වසක අභිමානවත් ආලෝකයේ කාලාවකාශයයි. එතැන් පටන් රාජ්‍ය පරිපාලන ස්ථර පහළොවක් යටතේ, විධායක ජනාධිපතිවරුන් සයද‍ෙන‍ෙක් යටතේ හ‍ෙළ දිව පාලනය සිදු කරන ලදී. ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතිකමය ම‍ෙන්ම මානවීය ගුණාංගයන් පවා අහිමි කරන ලද වර්තමානයේ සාඩම්බර නිර්මාණකරුවන් වන්නේ ඔවුන්ය. හ‍ෙළ දීපය‍ෙහි පාලන පැළැන්තිය විසින් ජාතිකවාදය නාමකරණය වූ ජාතිවාදය අලංකාරරූපීව ඉදිරිපත් කරන ලදුව සිවිල් සමාජය තුළ යුධමය වාතාවරණයන් විටින් විට නිර්මාණය විය. අභිමානවත් වූත්, ප්‍රෞඪ වූත් පාලන තන්ත්‍රයන් විසින් හ‍ෙළ භූමිය පෘථිවිතලය මත දියාරු වූ නිස්සාර වූ භූතලයක් පවට පත් කරන ලදී. අප දකින වර්තමානය යනු පශ්චාත් නූතන වහල් සමාජයක, නින්දිත පාලනයන් සමග අත්වැල් බැඳ ගනිමින් හ‍ෙළදිව ක‍ෙළ‍ෙසන නිවටුන් සමූහයකගේ විට‍ෙක දෘඪ වූත්, විට‍ෙක මෘදු වූත් අඳෝනාවකි. නිවැරදි දිශානතියක් නොදකින සමාජ ව්‍යුහයකි.

ම‍ෙම සංගීතමය කියැවීම වර්තමානය ව‍ෙනුව‍ෙනි. දේශපාලන පැහැයන් ගත් සමාජයීය මිනිසා වර්තමානය නිවැරදිව කියවා නොගන්නා අයුරු දක්වන්නකි. විචාරශීලී නොවනතාක් ඔහු යදමින් බැඳ අසරණ වන අයුරු විදහා ප‍ෙන්වන්නකි. පාලනයේ ප්‍රතිලාභ අපේක්ෂාව‍ෙන් රැවට‍ෙමින් දිවි ග‍ෙවන දනන් සිහින මාලිගා තනමින්, ඒවාය‍ෙහි සුඛාස්වාදය වින්දනය කරවීමට තරම් ද‍ෙස්පාලුවන් නවට ව‍ෙයි. ජනප්‍රිය ධාරාවන් නිර්මාණය කරමින් රටම ඔවුන්ගේ පසුම්බිය ව‍ෙත ඇදගනු ලබයි. පාලනය සඳහා බලය ලබා දීම‍ෙන් පසු ස්වකීය පරමාර්ථ ඉටු කරගනිමින් පාලනය ඔවුන්ගේ අභිප්‍රායන් සමග දිවි ග‍ෙවයි. නිදහස් ල‍ෙස අවැසි දෑ ඉටුකර ගනියි. සොබාදම විනාශ කරමින් මානවයාගේ ජීවත්වීමේ අයිතීන් සේම, ආශ්වාස – ප්‍රශ්වාස අයිතිය පවා උල්ලංඝනය කරයි. නූගත් දනන් සුපුරුදු ජීවන රටාව තුළ ජයග්‍රාහී මානසිකත්වය‍ෙන් සිඟමන් යදියි. හ‍ෙළ බිම නිවටුන් හට පූජා කර ලතැව‍ෙයි. දරිද්‍රතාවය‍ෙන් අන්තයට පැමිණ‍ෙයි. එහ‍ෙත් පවසයි. ‘අතීත ශ්‍රී විභූතිය, හ‍ෙළ උරුමය‘.

සංගීතමය ආවේදනය තුළ “සීහයෝ“ ල‍ෙසින් ඛේදාන්ත ප්‍රකාශනය‍ෙහිලා ස්වර වැයුම ඔස්සේ සමාජයීය විනිවිද බව පසක් කරන්නේ “ලහිරු සන්දීප්“ සංගීතවේදියා විසිනි. සුගායනීය, රැඩිකල් හඬ මුසුව “කණිෂ්ක අබේසිංහ“ ගායනවේදියා විසිනි. අතීත අභිමන් නමින් වර්තමානය සොයමින් හ‍ෙළ බිමේ නිවැරදි දිශානතියට අනුගතවීම ක‍ෙරේ ම‍ෙම නිමැවුම අල්පමාත්‍රය‍ෙන් හෝ දායක වීම අපගේ පැතුමයි.

ජාතිකවාදයේ ස්ථාවරය අභියෝගයට ලක් කළ, ඛේදනීය ජාතික උරුමය පිළිබඳ කතාව

– විශාරද කවිදු මිල්ලගල –

Next Post

Previous Post

© 2021 Lahiru Sandeep

Designed by Madhurasri